ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ 2026 පාකිස්ථාන තරග සංචාරය ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කරනවා.
ඒ අනුව, මෙම සංචාරයට පන්දුවාර 20 (T20I) තරගාවලියක්, ශ්රී ලංකාව, පාකිස්ථානය සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින (ODI) තරගාවලියක් මෙන්ම ටෙස්ට් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ද ඇතුළත්.
තරග සංචාරය ආරම්භ කරමින් ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර පන්දුවාර 20 තරග 3 ක් රාවල්පින්ඩි හිදී පැවැත්වීමට නියමිතයි.
ඉන් අනතුරුව එංගලන්තය ද එක්වන තුන්කොන් එක්දින තරගාවලිය රාවල්පින්ඩි සහ ලාහෝර් හිදී පැවැත්වෙනු ඇති.
තරග සංචාරය අවසන් කරමින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට පෙර, ශ්රී ලංකා කණ්ඩායම ඉස්ලාමාබාද් හිදී තෙදින පුහුණු තරගයකට එක්වීමට නියමිතයි.
තරග කාලසටහන:
පන්දුවාර 20/20 (T20I) තරගාවලිය
ඔක්තෝබර් 09: පළමු T20I තරගය – රාවල්පින්ඩි
ඔක්තෝබර් 11: දෙවන T20I තරගය – රාවල්පින්ඩි
ඔක්තෝබර් 13: තෙවන T20I තරගය – රාවල්පින්ඩි
තුන්කොන් එක්දින (ODI) තරගාවලිය (ශ්රී ලංකාව, පාකිස්ථානය, එංගලන්තය)
ඔක්තෝබර් 18: ශ්රී ලංකාව සහ පාකිස්ථානය – රාවල්පින්ඩි
ඔක්තෝබර් 22: ශ්රී ලංකාව සහ එංගලන්තය – රාවල්පින්ඩි
ඔක්තෝබර් 27: ශ්රී ලංකාව සහ පාකිස්ථානය – ලාහෝර්
ඔක්තෝබර් 29: ශ්රී ලංකාව සහ එංගලන්තය – ලාහෝර්
ඔක්තෝබර් 31: අවසාන මහා තරගය (Final) – ලාහෝර්
ටෙස්ට් තරගාවලිය
නොවැම්බර් 04 – 06: ශ්රී ලංකාව සහ Patrons XI අතර පුහුණු තරගය – ඉස්ලාමාබාද්
නොවැම්බර් 09 – 13: පළමු ටෙස්ට් තරගය – රාවල්පින්ඩි
නොවැම්බර් 17 – 21: දෙවන ටෙස්ට් තරගය – ලාහෝර්







Leave a Reply