ශ්‍රී ලංකා පිලේ පාකිස්ථාන තරග සංචාරය ඔක්තෝබර් 09 වැනිදා ඇරඹෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 2026 පාකිස්ථාන තරග සංචාරය ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කරනවා.

ඒ අනුව, මෙම සංචාරයට පන්දුවාර 20 (T20I) තරගාවලියක්, ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින (ODI) තරගාවලියක් මෙන්ම ටෙස්ට් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ද ඇතුළත්.

තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පන්දුවාර 20 තරග 3 ක් රාවල්පින්ඩි හිදී පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව එංගලන්තය ද එක්වන තුන්කොන් එක්දින තරගාවලිය රාවල්පින්ඩි සහ ලාහෝර් හිදී පැවැත්වෙනු ඇති.

තරග සංචාරය අවසන් කරමින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට පෙර, ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්ලාමාබාද් හිදී තෙදින පුහුණු තරගයකට එක්වීමට නියමිතයි.

තරග කාලසටහන:
පන්දුවාර 20/20 (T20I) තරගාවලිය

ඔක්තෝබර් 09: පළමු T20I තරගය – රාවල්පින්ඩි

ඔක්තෝබර් 11: දෙවන T20I තරගය – රාවල්පින්ඩි

ඔක්තෝබර් 13: තෙවන T20I තරගය – රාවල්පින්ඩි

තුන්කොන් එක්දින (ODI) තරගාවලිය (ශ්‍රී ලංකාව, පාකිස්ථානය, එංගලන්තය)

ඔක්තෝබර් 18: ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය – රාවල්පින්ඩි

ඔක්තෝබර් 22: ශ්‍රී ලංකාව සහ එංගලන්තය – රාවල්පින්ඩි

ඔක්තෝබර් 27: ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය – ලාහෝර්

ඔක්තෝබර් 29: ශ්‍රී ලංකාව සහ එංගලන්තය – ලාහෝර්

ඔක්තෝබර් 31: අවසාන මහා තරගය (Final) – ලාහෝර්

ටෙස්ට් තරගාවලිය

නොවැම්බර් 04 – 06: ශ්‍රී ලංකාව සහ Patrons XI අතර පුහුණු තරගය – ඉස්ලාමාබාද්

නොවැම්බර් 09 – 13: පළමු ටෙස්ට් තරගය – රාවල්පින්ඩි

නොවැම්බර් 17 – 21: දෙවන ටෙස්ට් තරගය – ලාහෝර්