ශ්‍රී ලංකාවට කඩුලු 08ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර අද පැවති තුන්වන සහ අවසන් පන්දුවාර විස්ස විස්ස තරගය කඩුලු 08කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දු 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 168 ලබා ගත්තා.

පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Sahibzada Farhan ලකුණු ලකුණු 76ක් රැස් කළා.

ඒ පන්දු 45ක් තුළයි.

Arafat Minhas නොදැවී ලකුණු 34ක් රැස් කළා.

Hasan Nawaz ට පන්දු 17ක් තුළ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 16ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක කඩුලු 03ක් දවා ගැනීමට සමත් වූ අතර එෂාන් මාලිංග කඩුලු 02ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව පාකිස්ථාන කණ්ඩාමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 169ක ඉලක්කයක් හිමි වූ අතර එය පන්දුවාර 17යි එක් පන්දුවකදී ලකුණු 172 ලබා ගනිමින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කුසල් මෙන්ඩිස් පන්දු 48ක් තුළ නොදැවී ලකුණු 87ක් රැස් කිරීමට සමත් වුණු අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණේ පන්දු 27ක් තුළයි.

ඒ අනුව 3-2ක් ලෙස පාකිස්ථාන කණ්ඩායම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට සමත් වුණා.