ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහ මහතාගේ ජීවිත කතාව සහ මාධ්‍ය දිවිය අළලා රචනා වූ “ප්‍රේමණීය රන් ස්වරය” ග්‍රන්ථය එළිදැක්වීමේ සහ ඔහුට උපහාර පිදීමේ උත්සවය 2026 නොවැම්බර් 22 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ලෝටස් ශාලාවේදී පැවැත්විණි.
“ප්‍රේමණීය රන් ස්වරය” නමින් නම් කර ඇති මෙම චරිතාපදාන ග්‍රන්ථය ප්‍රවීණ මාධ්‍යවේදී සරත් ජයසිංහ මහතා විසින් රචනා කර ඇත.
“හරසර ප්රණාම 2026″ නමින් සංවිධානය කෙරුණු මෙම උපහාර උළෙල සහ ග්රන්ථ ප්රකාශනය බොරැල්ල The Chance Sports ආයතනයේ සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ ලසන්ත අමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙසත්, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා විශේෂ ආරාධිතයෙකු ලෙසත් මෙම අවස්ථාවට එක් වූහ. ඊට අමතරව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ මාධ්‍යවේදීන් රැසක් මීට සහභාගී වූහ











Leave a Reply