වයස අවුරුදු 16ට අඩු ළමුන් සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් නවසීලන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මෙම නීතිය කඩකරන සමාජ මාධ්‍ය සමාගම් සඳහා ඒවායේ ගෝලීය ආදායමෙන් සියයට 10ක් දක්වා වන විශාල දඩ මුදල් පැනවීමට ද එහි යෝජනා කර ඇත.
මෙම පනත් කෙටුම්පතට අනුව, පරිශීලකයින්ගේ වයස තහවුරු කර ගැනීම සඳහා පවත්නා ගිණුම් තොරතුරු, මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය (facial technology) සහ ඩිජිටල් හැඳුනුම්පත් ලේඛන භාවිත කිරීම ඇතුළු සාධාරණ පියවර ගැනීමට සමාජ මාධ්‍ය ආයතන බැඳී සිටියි.
නවසීලන්තයේ පරම්පරාවකට සිදුවෙමින් පවතින මෙම හානිය තවදුරටත් ඉවසා සිටිය නොහැකි බව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
“සමාජ මාධ්‍ය මගින් දරුවන් හානිකර අන්තර්ගතයන්ට, ඇබ්බැහි කරවන සුළු තාක්ෂණයට සහ ඔවුන්ට දරාගත නොහැකි බලපෑම්වලට නිරාවරණය කරනවා. එය ඔවුන්ගේ පවුල් ජීවිතයට, මානසික සෞඛ්‍යයට, නින්දට සහ අධ්‍යාපනයටද සෘජුවම බලපානවා,” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය ලක්සන්ගේ සභාග ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකු වන New Zealand First පක්ෂය මෙයට සහය නොදක්වන බව ප්‍රකාශ කිරීමත් සමග මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ප්‍රමාණවත් සහයක් ලැබේද යන්න පිළිබඳව තවමත් නිශ්චිත නැත.
“මෙම යෝජිත පනත සහ මෙවැනි නීති සම්පාදනයන් රට ගනයට ගෙන යන ආගාධය පිළිබඳව අප අවධානයෙන් හා කනස්සල්ලෙන් පසුවෙනවා,” යනුවෙන් විදේශ අමාත්‍යවරයාද වන නවසීලන්ඩ් ෆස්ට් පක්ෂ නායක වින්ස්ටන් පීටර්ස් X පණිවුඩයක් තබමින් සඳහන් කර ඇත.









Leave a Reply