ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය (SLS) නොමැති විදුලි වයර් කෝඩ් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ අනුරාධපුර නගරයේ සුපිරි වෙළෙඳසැලකට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000/-ක දඩ මුදලක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් 2026 අගෝස්තු 18 දින අනුරාධපුර 11 වැනි වීදියේ පිහිටි Arpico Daily සුපිරි වෙළෙඳසැලේ සිදුකළ වැටලීමකදී, SLS ප්‍රමිති සහතිකය නොමැති ‘Samara’ වර්ගයේ විදුලි වයර් කෝඩ් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබියදී අනාවරණය කරගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, 2026 අගෝස්තු 21 දින අදාළ නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව රුපියල් 200,000/-ක දඩ මුදලක් නියම කර තිබේ.
විදුලි වයර් කෝඩ් වැනි විදුලි උපකරණ සඳහා නියමිත ප්‍රමිතිවලට අනුකූල වීම පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැදගත්කමක් දරයි. ප්‍රමිතියෙන් තොර විදුලි උපකරණ භාවිත කිරීම විදුලි සැර වැදීම්, විදුලි කාන්දුවීම් සහ ගිනි ගැනීම් වැනි අනතුරු ඇතිවීමේ අවදානම ඉහළ නැංවිය හැකිය.
එබැවින් සුපිරි වෙළෙඳසැලකින් හෝ වෙනත් වෙළෙඳසැලකින් විදුලි වයර් කෝඩ් මිලදී ගැනීමේදී අදාළ SLS ප්‍රමිති ලාංඡනය සහ අනෙකුත් නියමිත තොරතුරු පරීක්ෂා කර භාණ්ඩ මිලදී ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.









Leave a Reply