ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට දඹුල්ල හා කොළඹ කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්හ. ඒ අනුව ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල පිල හා ජනිත් ලියනගේ නායකත්වය දරණ කොළඹ පිල ලබන 4 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණේදී අවසන් සටනට පිවිසෙනු ඇත.
අද නිමාවට පත්වූ දඹුල්ල හා මහනුවර කණ්ඩායම් අතර තරගයත්, ගාල්ල හා කොළඹ අතර තරගයත් ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර, ලකුණු සටහනේ ලකුණු 35. 94ක් ලබා පෙරමුණට පැමිණීමට දඹුල්ල කණ්ඩායම සමත්වූ අතර, දෙවැනි තැනට කොළඹ පිල පත්වූ පත්වූයේ ලකුණු 19. 168කිනි. තෙවැනි තැනට ගාල්ල පිල (ලකුණු 17.683) හා සිව්වැනි තැනට මහනුවර පිල (ලකුණු 4.393) පැමිණියේය.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩංගණයේ පැවැති කොළඹ – ගාල්ල අතර තරගය අවසන් වනතෙක්ම උණුසුම් මුහුණුවරක් ගත් අතර, තරගයෙන් ජය ගැනීමට ගාල්ලට ලකුණු 289ක ඉලක්කයක් එල්ල වුද තරගය නිමාවෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 271ක් ලබා සිටියේය.
කොළඹ පිල පළමු ඉනිමට ලකුණු 337ක් ලබා සිටි අතර, ගාල්ල පිල පළමු ඉනිමට ලකුණු 273ක් ලැබීය. පළමු ඉනිමේ ලකුණු තත්ත්වය අනුව ගාල්ලට වඩා ලකුණු 64ක් ඉදිරියෙන් සිට දෙවැනි ඉනිම ඇරැඹූ කොළඹ පිල ලකුණු 224කට සීමා විය. ගාල්ල පිලට සටන්කාමී ඉනිමක් එක්කළ නිපුන් ධනංජය පන්දු 80කදී ලකුණු 87ක් ලැබූ අතර, ඔෂධ ප්‍රනාන්දු හා සදීර සමරවික්‍රම අර්ධ ශතක රැස් කළහ.
කොළඹ මුල් කඩුලු දෙක ලකුණු 55කදී දැවී ගිය අතර, ධනංජය ලක්ෂාන් හා රනේෂ් සිල්වා එක්ව පන්දු 160කදී ලකුණු 97ක සබඳතාවක් තෙවැනි කඩුල්ලට එක්කොට ලකුණු පුවරුව ඉහළ නැංවූහ. ධනංජය ද සිල්වා ලකුණු 59කට දැවී ගිය අතර, රනේෂ් සිල්වා නොදැවී ලකුණු 52ක් ලබා සිටී.
ගාල්ල පළමු ඉනිමේදී මුදිත් ලක්ෂාන් ලකුණු 50ක් හා සදීර සමරවික්‍රම ලකුණු 69ක් ලබා ගැනීමට සමත් විය.
කොළඹ පළමු ඉනිමේදී නායක ජනිත් ලියනගේ පන්දු 155කදී හයේ පහරක් හා හතරේ පහර 7ක් සමඟ ශතකයට ලකුණු 2ක් අඩුව තිබියදී ලකුණු 98කට දැවී ගිය අතර, ඔහු කවීජ ගමගේ සමඟ එක්ව 6 වැනි කඩුල්ලට පන්දු 173කදී ලකුණු 89ක් එක් කළහ.
කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 337 (ඕවර් 97.2)
රවිඳු රසාන්ත 32, අසිත වන්නිනායක 12, ජනිත් ලියනගේ 98, කවීජ ගමගේ 40, ප්‍රභාත් ජයසූරිය 24, ප්‍රමෝද් මධුෂාන් 28, කසුන් රාජිත 31 (උදිත් මධුෂාන් 30/2, අසංක මනෝජ් 63/2, කේසර නුවන්ත 99/2, මුදිත ලක්ෂාන් 63/3)
ගාල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 273 (ඕවර් 82.5)
ඔෂධ ප්‍රනාන්දු 39, ෂෙහාන් ප්‍රනාන්දු 45, සදීර සමරවික්‍රම 69, කෙවින් පෙරේරා 34, මුදිත ලක්ෂාන් 50 (ප්‍රමෝද් මධුෂාන් 36/4, කවීජ ගමගේ 50/2, චමෝද් බැට්ටගේ 35/3)
කොළඹ පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 224 (ඕවර් 65) – අසිත වන්නිනායක 24, ධනංජය ලක්ෂාන් 59, රනේෂ් සිල්වා 59, ප්‍රභාත් ජයසූරිය 28 (උදිත් මධුෂාන් 32/2, අසංක මනෝජ් 42/2, කේසර නුවන්ත 83/3, නිම්සර අතරගල්ල 28/3)
ගාල්ල පිල දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 271 (ඕවර් 44)ඔෂධ ප්‍රනාන්දු 50, නිපුන් ධනංජය 87, සදීර සමරවික්‍රම 52, කෙවින් පෙරේරා නොදැවී 41, මුදිත ලක්ෂාන් නොදැවී 16 (කවීජ ගමගේ 46/2)
දඹුල්ල – මහනුවර
පිතිකරුවන්ට පාරාදීසයක්වී ඇති හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ දඹුල්ල ක්‍රීඩකයෝ පළමු ඉනිමට වාර්තා කළ ලකුණු 451ට පිළිතුරු ලෙස අද මහනුවර පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 366ක් ලබාගත් අතර, තරගය නිමාවෙද්දී දඹුල්ල දෙවැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 110ක් ලබා සිටියේය.
මහනුවර පළමු ඉනිමේදී අර්ධ ශතක 4ක් වාර්තාවූ අතර, අශේන් බණ්ඩාර ලකුණු 94කට දැවී ගියේය. විනුක රූබසිංහ, පවන්ත රත්නායක හා සහන් ආරච්චිගේ අර්ධ ශතක ලබා දැවී ගියේය.
දඹුලු මුල් ඉනිමේ මුල් කඩුලු 3ක් ලකුණු 36කට දැවීගොස් තිබියදී පිටියේ එක්වූ විශාද් රන්දික හා ධනංජය ද සිල්වා එක්ව සිව්වැනි කඩුල්ලට පන්දු 191කදී ලකුණු 119ක් ලබාගත් අතර, ධනංජය ලකුණු 53කට දැවී ගියේය. අනතුරුව අංජල බණ්ඩාර හා විශාද් රන්දික එක්ව පස්වැනි කඩුල්ලට පන්දු 171කදී ලකුණු 97ක් එක්කළ අතර, විශාද් රන්දික පන්දු 177කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 104ක් ලබා සිටියදී දැවී ගියේය.
ඉනිමේ සාර්ථක සබඳතාව හයවැනි කඩුල්ලට එක්කළ අංජල බණ්ඩාර හා කවිදු පතිරත්න එක්ව පන්දු 317කදී ලකුණු 161ක් එක්කළ අතර, අංජල බණ්ඩාර පන්දු 225කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 128කට දැවී ගියේය. කවිදු පතිරත්න ලකුණු 71ක් ලබා සිටියේය.
පන්දු යැවීමේදී රවිඳු ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩර්සේ අතර කඩුලු 3ක් බැගින් බෙදීගිය අතර, දිනුර කළුපහන කඩුලු 2ක් ලැබීය. අද තරගයේ සිව්වැනි හා අවසන් දිනයයි.
දඹුල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 451 (ඕවර් 133.5)
ලසිත් කෘෘස්පුල්ලේ 22, ධනංජය ද සිල්වා 53, විශාද් රන්දික 104, අංජල බණ්ඩාර 128, කවිඳු පතිරත්න 78, ශක්ති උදාර නොදැවී 15 (දිනුර කළුපහන 86/2, රවිඳු ප්‍රනාන්දු 76/3, ජෙෆ්රි වැන්ඩර්සේ 53/3)
මහනුවර පිල පළමු සියලු දෙනා දැවී ලකුණු 366 (ඕවර් 136)
පවන්ත වීරසිංහ 60, විනුක රූබසිංහ 70, සහන් ආරච්චිගේ 58, අශේන් බණ්ඩාර 94, වනුජ සහන් 25, යසිරු රුද්‍රිගූ 19 (කවිඳු පතිරත්න 65/2, නිසල අබේරත්න 108/5)
දඹුල්ල පිල දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 110 (ඕවර් 22)
ලසිත් කෘෘස්පුල්ලේ නොදැවී 50, ධනංජය ද සිල්වා නොදැවී 17, කෙවින් බණ්ඩාර 26 (රවිඳු ප්‍රනාන්දු 22/2)










Leave a Reply