කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දඹුල්ල – ගාල්ල අතර තරගයේ දෙවැනි දිනය නිමාවේද්දී ගාල්ල පිල දෙවැනි ඉනිමේ කඩුලු 4ක් අතැතිව ලකුණු 74ක් දඹුල්ලට වඩා පසුපසින් සිටීම හේතුවෙන් අසීරුතාවට පත්ව සිටී.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ගාල්ල පිල රැස්කළ ලකුණු 255ට පිළිතුරු ලෙස දඹුල්ල පිල පළමු ඉනිමට ලකුණු 488ක් රැස්කළ අතර, අද තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල කඩුලු 6ක් දැවී ලකුණු 159ක් ලබා සිටියේය.
අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි සදීර සමරවික්‍රම පළමු ඉනිමේ ලකුණු 113ක් ලැබූ අතර, දෙවැනි ඉනිමේදී නොදැවී අර්ධ ශතකය සම්පූර්ණ කරමින් සිටින අතර, පිතිකරුවන් 4ක්ම ලකුණු 10ට අඩුවෙන් දැවී ගියහ. තර්ජනාත්මක ලෙස පන්දු යැවූ විශ්ව ප්‍රනාන්දු, අකිල ධනංජය හා ශක්ති උදාර කඩුලු 2 බැගින් බිඳ දෙලූහ.
දඹුල්ල පිල වෙනුවෙන් අගනා පිතිකරණයක නිරත වූ ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 173කදී හයේ පහරක් හා හතරේ පහර 12ක් සමඟ ලකුණු 133ක් ලබාගත් අතර, නායක ධනංජය ද සිල්වා, විශාද් රන්දික, අංජල බන්ඩාර හා ළහිරු සමරකෝන් අර්ධ ශතක වාර්තා කළහ.
ගාල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 255 (ඕවර් 71.4)
නිරෝෂන් දික්වැල්ල 28, සදීර සමරවික්‍රම නොදැවී 113, අහන් වික්‍රමසිංහ නොදැවී 70, මුදිත ලක්ෂාන් 20 ( විශ්ව ප්‍රනාන්දු 40/2, කවිඳු පතිරත්න 41/5, ශක්ති උදාර 80/2)
දඹුල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 488 (ඕවර් 130.4)
ලසිත් කෘෘස්පුල්ලේ 133, කවීන් බණ්ඩාර 44, ධනංජය ද සිල්වා 62, විශාද් රන්දික 55, අංජල බණ්ඩාර 68, කවිඳු පතිරත්න 56, ළහිරු සමරකෝන් 51 (උදිත් මධුෂාන් 82/2, කේසර නුවන්ත 139/4, දුවිඳු තිලකරත්න 87/3)
ගාල්ල පිල දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 159 (ඕවර් 46)
නිපුන් ධනංජය 21, නිරෝෂන් දික්වැල්ල 34, සදීර සමරවික්‍රම නොදැවී 58, කේසර නුවන්ත නොදැවී 22 (විශ්ව ප්‍රනාන්දු 29/2, අකිල ධනංජය 57/2, ශක්ති උදාර 40/2)
කොළඹ පළමු ඉනිමේ ලකුණු 181ක් ඉදිරියෙන්
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩංගණයේ අද තෙවැනි දිනට පැවැති කොළඹ – මහනුවර අතර තරගයේ පළමු ඉනිමේදී කොළඹ පිල ලකුණු 181ක් සිටියේය. කොළඹ පිල පළමු ඉනිමේ කඩුලු 9කට ලකුණු 434ක් ලබාගත් අතර මහනුවර පිල අද තෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 253ක් ලබා සිටියේය.
මහනුවර පිල වෙනුවෙන් සොහාන් ඩී ලිවේරා නොදැවී ලකුණු 92ක් හා අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 55ක් ලබා සිටියහ.
කොළඹ පිලේ සාරුජාන් සංමුගනාදන් පන්දු 338කදී හතරේ පහර 10ක් හා හයේ පහරක් සමඟ ලකුණු 145ක් ලබාගත් අතර, කොළඹ පිලේ නායක ජනිත් ලියනගේ පන්දු 247කට මුහුණදී හතරේ පහර 13ක් සමඟ ලකුණු 134ක් වාර්තා කිරීමට සමත් විය. කවීජ ගමගේ හා සන්මුගනාදන් එක්ව 6 වැනි කඩුල්ලට පන්දු 244කදී ලකුණු 131ක් එක්කළ අතර, ගමගේ ලකුණු 80ක් ලැබීය.
කාසියේ වාසිය දිනාගත් කොළඹ පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, මහනුවර පිලේ දිනුර කළුපහන කඩුලු 4ක් බිදහෙලීය.
කොළඹ පිල පළමු ඉනිම කඩුලු 9ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 434 (ඕවර් 143.2)
රවිඳු රසාන්ත 14, ජනිත් ලියනගේ 134, සාරුජාන් සංමුගනාදන් 145, කවීජ ගමගේ 80, ප්‍රභාත් ජයසූරිය 25 (දිනුර කළුපහන 58/4, චාමික ගුණසේකර 53/2)
මහනුවර පිල පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 253 (ඕවර් 80)
නවෝද් පරණවිතාන 33, පවන්ත වීරසිංහ 33, සොහාන් ඩී ලිවේරා නොදැවී 92, අශේන් බණ්ඩාර නොදැවී 55 ( චෝද් බැට්ටගේ 31/2)










Leave a Reply