මේ වසරේ පළමු මාස හය ඇතුළත ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මගින් රුපියල් බිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් ප්‍රසම්පාදන කොන්ත්‍රාත් 73ක් ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශයේ අලුත්ම දත්ත හෙළි කරයි.
මෙය 2022-2024 කාලයේ පැවැති වාර්ෂික සාමාන්‍යය වන රුපියල් බිලියන 34 මෙන්ම, 2025 මුළු අවුරුද්දේම ලබාදුන් රුපියල් බිලියන 52.6ක සාමාන්‍ය අගය මෙන් කිහිප ගුණයක දැවැන්ත ඉහළ යෑමකි.
ලබාදී ඇති කොන්ත්‍රාත් 73න් 70ක්ම මහාමාර්ග අංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතී.
ඊට අමතරව සෞඛ්‍ය අංශයට කොන්ත්‍රාත් 55ක්ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 49ක් සහ ජල සම්පාදන අංශයට 21ක් ලෙස ඇතුළත් වේ.
IMF හි පාලන ක්‍රියාකාරී සැලැස්ම යටතේ විනිවිදභාවය සහ තරගකාරීත්වය වැඩි කිරීම සඳහා මෙම තොරතුරු මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇත.
ලබාදී ඇති සමස්ත කොන්ත්‍රාත් 73ම කිසිදු තනි අනුමැතියකින් තොරව පූර්ණ තරගකාරී ටෙන්ඩර් පටිපාටියක් යටතේ ලබාදී තිබීම විශේෂත්වයකි.
2022-2024 කාලයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්රසම්පාදනයන්ගෙන් 42%ක් අවලංගු වූ අතර 76.6%ක් වූ ජල සම්පාදන අංශයේ ටෙන්ඩර් අවලංගු වීම් මේ වසරේ මුල් මාස 6 තුළදී 0% දක්වා අවම කර ගැනීමට සමත්ව තිබේ.
මෙමගින් මෙරට යටිතල පහසුකම් සංවර්ධනය සඳහා නැවතත් විශාල මුදලක් ආයෝජනය වෙමින් පවතින බවත්, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ ගොස් ඇති බවත් තහවුරු වේ.









Yo, the community vibe they built around the boom99 app sounds legit. Makes the whole thing seem less random. Check this out: boom99 app download apk. Super helpful for beginners!