පිව් පර්යේෂණ මධ්‍යස්ථානයේ මත විමසුම අනුව ශ්‍රී ලාංකිකයන්ගෙන් 79%ක් ඉන්දියාව යහපත් ලෙස සළකන බවට හෙළිව තිබීම මගින් තමන් වඩාත් සංවේදී වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පවසයි.
ඔහු සඳහන් කළේ සමීක්ෂණයට ලක් කළ රටවල් අතරින් ගෝලීය වශයෙන් ඉන්දියාවට ලැබුණු ඉහළම අගය මෙය බවයි.
ද ඉකොනොමික් ටයිම්ස් ලෝක නායකයන්ගේ සැසිය -2026 සඳහා එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
එහිදී තම තරුණ සමයේ ශ්‍රී ලංකාවේ සේවයේ යෙදුණු අවස්ථා සම්බන්ධයෙන් ද ඔහු සිහිපත් කළේය.
දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සහ ජනතා සම්බන්ධතාවල පවතින ශක්තිමත්භාවය මෙමගින් මනාව පිළිඹිබු වන බවත්, ශ්‍රී ලාංකික ජනතාව ඉන්දියාව කෙරෙහි දක්වන මෙම ලෙන්ගතුකම සහ විශ්වාසය තමන් ඉතා ඉහළින් අගය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පිව් පර්යේෂණ මධ්‍යස්ථානයේ නවතම සමීක්ෂණයේ දත්ත පසුගියදා එළිදක්වා තිබිණි.
රටවල් 36 ක් පුරා සිදු කරන ලද එම සමීක්ෂණයෙන් පෙනී ගොස් තිබුණේ ශ්‍රී ලංකාව ඉන්දියාව පිළිබඳ වඩාත්ම ධනාත්මක අවබෝධයක් ඇති රට ලෙස ඉස්මතු වෙමින් පවතින බවයි.
මෙම වසරේ පෙබරවාරි සහ මැයි අතර සිදු කරන ලද සමීක්ෂණයෙන් 42,000 කට අධික පිරිසක් ආවරණය කර තිබිණි.
සමීක්ෂණයට ලක් කරන ලද රටවල් පුරා, 45% ක මධ්‍යන්‍යයක් ඉන්දියාව කෙරෙහි ධනාත්මක අදහසක් ප්‍රකාශ කළ අතර 41% ක් අහිතකර මතයක් දැරූහ.
ඉන්දියාව පිළිබඳ වඩාත්ම ධනාත්මක අවබෝධයක් ඇති රට ලෙස ශ්‍රී ලංකාව මතු වූ අතර, පාකිස්ථානය ඉහළම සෘණ ශ්‍රේණිගත කිරීම වාර්තා කළේය.
ශ්‍රී ලංකාව ඉන්දියාවට ශක්තිමත්ම ශ්‍රේණිගත කිරීම ලබා දී තිබු අතර, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 79% ක් හිතකර අදහසක් ප්‍රකාශ කර තිබිණි.
ශ්‍රී ලාංකිකයන්ගෙන් 63%ක් පමණ ඉන්දියාව තම රටේ ප්‍රධාන සගයෙකු ලෙස ද හඳුනාගෙන තිබිණි.









Winph99 offers premium slots and live dealers with secure mobile access for Filipino players seeking trusted entertainment today at winph99 com. Their optimized platform ensures seamless gameplay on any device while prioritizing responsible gaming standards.
Just tried the Barangay 777 game app; smooth loading and solid encryption. Great for mobile slots lovers in PH seeking legit fun without lag issues today.