ශතක දෙකයි, කඩුලු පහේ දවාලීම් දෙකයි – ගවනර්ස් කප් කැපී පෙනුණු දිනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ගවනර්ස් කප් (ආණ්ඩුකාර කුසලාන) එක්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවති තරගවලදී, පිතිකරුවන් දෙදෙනෙකු ශතක වාර්තා කළ අතර, පන්දු යවන්නන් දෙදෙනෙකු කඩුලු පහ බැගින් දවාලමින් දිනයේ කැපී පෙනුණි.

අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජයේ සමිඳු මධුරංග, මහනුවර ක්‍රිකට් සමාජයට එරෙහි තරගයේදී පන්දු 145කදී හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 123ක් රැස් කළේය. එසේම, සඳලංකා ක්‍රිකට් සමාජයේ බිනර සංකෙත්, සරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 111කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 100ක් රැස් කරමින් ශතකයක් වාර්තා කළේය.

අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජයේ දෙවැනි කඩුල්ල සඳහා සමිඳු මධුරංග (123) සහ අංක තුන පිතිකරු දසුන් චමෝද් (85) අතර ගොඩනැගුණු ලකුණු 146ක සබඳතාවය අද දිනයේ හොඳම සබඳතාවය විය.

පන්දු යවන්නන් අතරින් කැපී පෙනුණු ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ මධුශංක ප්‍රේමරත්න, අඹේපුස්ස සිංහ ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 15කට කඩුලු 5ක් දවාලීය. එසේම, සරසන්ස් ක්‍රීඩා සමාජයේ චනුර ප්‍රනාන්දු, සඳලංකා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 64කට කඩුලු 5ක් දවාලමින් දක්ෂතා දැක්වීය.

මෙදින පැවති තරගවලදී ජයග්‍රහණ ලබාගත් කණ්ඩායම් වන්නේ කඳුකර ක්‍රිකට් සමාජය, ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය, ලන්කන්ස් ක්‍රීඩා සමාජය, සරසන්ස් ක්‍රීඩා සමාජය, ඕල්ඩ් සහිරියන්ස් ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජයයි.

  • මහනුවර තරුණ ක්‍රිකට් සමාජය – කඳුකර ක්‍රීඩා සමාජය – සාලියපුර දී

කඳුකර ක්‍රිකට් සමාජය කඩුලු හයකින් ජය ගනී

මහනුවර තරුණ ක්‍රිකට් සමාජය පන්දුවාර 48.2ක දී සියල්ල දැවී ලකුණු 143 – චතුර කුමාරසිරි 45, රුවන්ත හතුරුසිංහ 35, විභවිත් ඇහැලේපොළ 15, නිශාන් සමරක්කොඩි 23/3, සුදේශ් ඉඳුනිල් 38/3, ඉඳුවර උදේන 21/2, චේතක දෙනුවන් 33/2

කඳුකර ක්‍රිකට් සමාජය පන්දුවාර 24.4ක දී කඩුලු 4ක් දැවී ලකුණු 144 – නුවන් මෙන්ඩිස් 75, චේතක දෙනුවන් 41, සමීර ප්‍රනාන්දු 31/2

(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – චේතක දෙනුවන් – කඳුකර ක්‍රිකට් සමාජය)

  • ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය – නාරම්මල ක්‍රීඩා සමාජය – මත්තේගොඩ දී

ඕල්ඩ් ධර්මපාලියන්ස් කඩුලු තුනකින් ජය ගනී

නාරම්මල ක්‍රීඩා සමාජය පන්දුවාර 47.1ක දී සියල්ල දැවී ලකුණු 158 – ලුදීෂ මාතරගේ නොදැවී 55, තෙපුල් ආරියරත්න 24, රාජිත නවෝද්‍ය 19, දුෂාන් සයුරංග 18, ශානක සම්පත් 23/3, රුචිර සිල්වා 22/2, නිශාන් පෙරේරා 27/2

ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 35.5ක දී කඩුලු 7ක් දැවී ලකුණු 159 – තරිඳු මධුවන්ත නොදැවී 62, ශානක සම්පත් 25, මොහමඩ් ශිල්මි 26, කුසල් ද සිල්වා 27/2, යොහාන් කල්හාර 31/2

(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – ශානක සම්පත් – ඕල්ඩ් ධර්මපාලියන්ස්)

  • යුනිචෙලා ක්‍රීඩා සමාජය – ලන්කන් ක්‍රිකට් සමාජය – රත්මලානේ දී

ලන්කන් ක්‍රිකට් සමාජය ලකුණු 99කින් ජය ගනී

ලන්කන් ක්‍රිකට් සමාජය පන්දුවාර 49.1ක දී සියල්ල දැවී ලකුණු 220 – තෙවින් අමරසිංහ 73, ගැවින් බොතේජු 55, පැතුම් මෙන්ඩිස් 33, පැතුම් සමිඳ 26, මංගල ප්‍රදීප් 21, සනිතු අමරසිංහ 33/3, සුපුන් චතුරංග 36/3, ධනුෂ්ක උදාර 39/2

යුනිචෙලා ක්‍රීඩා සමාජය පන්දුවාර 37.3ක දී සියල්ල දැවී ලකුණු 121 – ෂානුක චෙරාන් 33, සුපුන් චතුරංග 30, සසිරි අධිකාරි 23, සහන් කෞශල්‍ය 26/3, පැතුම් සමිඳ 12/2, මංගල ප්‍රදීප් 24/2

(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – පැතුම් සමිඳ – ලන්කන් ක්‍රිකට් සමාජය)

  • සරසන්ස් ක්‍රීඩා සමාජය – සඳලංකා ක්‍රිකට් සමාජය – වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී

සරසන්ස් ක්‍රිකට් සමාජය ලකුණු 46කින් ජය ගනී

සරසන්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 50ක දී කඩුලු 8ක් දැවී ලකුණු 271 – චතුර හේමකුමාර 82, නයන ප්‍රනාන්දු 48, අමිත දාබරේ 24, චනුර ප්‍රනාන්දු 64/5, හසිඳු පෙරේරා 28/2

සඳලංකා ක්‍රිකට් සමාජය පන්දුවාර 42.3ක දී කඩුලු 7ක් දැවී ලකුණු 207 – බිනර සංකෙත් 100, සවිඳු පෙරේරා 29, හසිඳු පෙරේරා 23, ධනුෂ්ක මධුශංක 23/2, අමිත දාබරේ 13/1

(ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට මේ තරගයෙන් ජය ගැනීමට සඳලංකා ක්‍රිකට් සමාජයට පන්දුවාර 42.3ක දී ලකුණු 254ක් අවශ්‍ය වුවත් ඔවුන් කඩුලු 7කට රැස් කළේ ලකුණු 207කි.

(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – චතුර හේමකුමාර පීරිස් – සරසන්ස් ක්‍රීඩා සමාජය)

  • අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය – මහනුවර ක්‍රිකට් සමාජය – අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ දී

අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය ලකුණු 41කින් ජය ගනී

අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය පන්දුවාර 49.1ක දී සියල්ල දැවී ලකුණු 298 – සමිඳු මධුරංග 123, දසුන් චමෝද් 85, කවීෂ් කුමාර 45, තිසරු දිල්ෂාන් 41/3, කෞෂික කුමාරසිංහ 64/3, චාරුක ඒකනායක 47/2

මහනුවර ක්‍රිකට් සමාජය පන්දුවාර 46ක දී කඩුලු 9ක් දැවී ලකුණු 257 – කවිෂ්ක දිල්ෂාන් 59,දිනාල් ප්‍රනාන්දු 46, කෞෂික කුමාරසිංහ 46, දිමන්ත මහවිතාරණ 39, චාමික සඳරුවන් 41/3, දසුන් චමෝද් 28/2

(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – සමිඳු මධුරංග – අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය)

  • අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – කටුනාගයක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කඩුලු පහකින් ජය ගනී

අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය පන්දුවාර 39.3ක දී සියල්ල දැවී ලකුණු 118 – ළහිරු ධනංජය 28, අමිල පෙරේරා 24, ජනිත් මධුශංක 18, මධුශංක ප්‍රේමරත්න 15/5, නිලංක ප්‍රේමරත්න 34/2

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පන්දුවාර 30.2ක දී කඩුලු 5ක් දැවී ලකුණු 120 – තෙමීර කුමාරගේ නොදැවී 34, රන්මිත් සෙනරත් නොදැවී 25,ශවීන් පෙරේරා 25, ලෙස්ටර් ජයවීර 24,චරිත් සුදාරක 22/2

(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – මධුශංක ප්‍රේමරත්න – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)

  • ඕල්ඩ් සහිරියන්ස් ක්‍රීඩා සමාජය – මැලේ ක්‍රිකට් සමාජය – කටුගස්තොට ශාන්ත අන්තෝනි ක්‍රීඩාංගණය දී

ඕල්ඩ් සහිරියන්ස් ලකුණු 60කින් ජය ගනී

ඕල්ඩ් සහිරියන්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 50ක දී කඩුලු 7ක් දැවී ලකුණු 307 – චමත් චමුපති 77, ෂබික් ඉෆ්තාරි 76, ෆයිස් අහමඩ් 62, රසීන් රාම්ලාන් 52, දිලාන් තාරක 64/4

මැලේ ක්‍රිකට් සමාජය පන්දුවාර 50ක දී කඩුලු 9ක් දැවී ලකුණු 247 – චලන දිල්ෂාන් 55,තිළිණ ප්‍රනාන්දු නොදැවී 53, ඔවීන් සල්ගාදු 38, කෙනුල පිහිලියංග 50/4, ෂෙරිෆ් ඉරුදීන් 33/3, සිසල් හේමක 28/2

(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – කෙනුල පිහිලියංග – ඕල්ඩ් සහිරියන්ස් ක්‍රීඩා සමාජය)