ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් වන කුමාර් සංගක්කාර සහ ඔහුගේ බිරිඳ වන යෙහාලි සංගක්කාරගේ ගාල්ල ඓතිහාසික බලකොටුවේ පිහිටි නිවස පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ABC නාලිකාවේ ‘Culture by Design’ දෙවැනි කථාංගයෙන් විශේෂ අනාවරණයක් සිදුකර තිබෙනවා.
යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැලකෙන ගාලු කොටුව තුළ පිහිටි අවුරුදු 120කට වඩා පැරණි ලන්දේසි යුගයේ විලා වර්ගයේ (Dutch colonial villa) මෙම නිවස වසර 6ක් තිස්සේ ප්‍රතිසංස්කරණය කර ඇත්තේ එහි ඓතිහාසික වටිනාකමට හානියක් නොවන පරිදියි.
ජීවන් ද අල්මේදා, මුරාඩ් ඉස්මයිල් සහ නිර්මාණශීලී මෝස්තර නිරූපිකාවක වන අනිකා ප්‍රනාන්දුගේ දායකත්වයෙන් මෙම නිවස පැරණි ගෘහ නිර්මාණ ශිල්පය සහ නවීන පන්නයේ පහසුකම් මනාව සංයෝජනය කරමින් නිමවා තිබීම විශේෂත්වයක්.
අගෝස්තු 23 වනදා විකාශය වූ මෙම වැඩසටහන හරහා සංගක්කාර යුවළගේ මෙම අද්විතීය නිවස ලෝකය පුරා වෙසෙන ගෘහ නිර්මාණ රසිකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.









Leave a Reply