තුන්කොන් තරගාවලියේ සමාරම්භක තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 18කින් පරදවා නැමීබියාව පෙරළිකාර ජයක් ලබයි.
බ්‍රෙවිස්ගේ සටන්කාමී ඉනිම අපතේ යයි; ට්‍රම්පල්මෙන් සහ ස්මිට්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ප්‍රබල දකුණු අප්‍රිකාව හිරවෙයි.
නැමීබියානු ක්‍රිකට් කණ්ඩායම වින්ඩ්හෝක් අගනුවරදී පෙරේදා අමරණීය ජාත්‍යන්තර ක්‍රිකට් ජයග්‍රහණයක් වාර්තා කරමින් දකුණු අප්‍රිකාව පරාජය කළා. නැමීබියා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්කොන් ජාත්‍යන්තර විස්සයි20 තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 18කින් පැරදවීමට නැමීබියාව සමත් වුණා.
කඩුලු තුන බැගින් ලබා ගනිමින් තරගයේ කැපී පෙනුනු පන්දු යවන්නන් වූයේ රූබන් ට්‍රම්පල්මෙන් හා ජේ.ජේ. ස්මිට්.
නැමීබියානු ආරම්භක පිතිකරුවන්ගෙන් ප්‍රබල අඩිතාලමක්
දකුණු අප්‍රිකානු නායක බියොන් ෆර්ටන් කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දු යැවීමට තීරණය කළ ද, ඔවුන්ගේ එම තීරණය නුවණක්කාර එකක් නොවන බවට නැමීබියාව මුලදීම පෙන්නුම් කළා. නැමීබියානු ආරම්භක පිතිකරුවන් වන ලෝරන් ස්ටීන්කෑම්ප් සහ ජෑන් ෆ්‍රයිලින්ක් පන්දු 9.4කදී පමණක් ලකුණු 84ක් රැස් කරමින් සත්කාරක කණ්ඩායමට ශක්තිමත් වේදිකාවක් සකස් කර දුන්නා.
බ්‍රෙවිස්ගේ තනි සටන සහ නැමීබියානු පන්දු ප්‍රහාරය
දකුණු අප්‍රිකාවේ ලකුණු හඹා යාමට තිබුණේ දුර්වල ආරම්භයක්. ජෝඩන් හර්මාන් ලකුණු 7කට සහ ලූහන්ද්‍රේ පෙටෝරියස් ලකුණු 9කට දැවී ගියේ දකුණු අප්‍රිකාව පළමු ඕවර හතර ඇතුළතම පීඩනයකට යටත් කරමින්.
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් දකුණු අප්‍රිකානු අපේක්ෂාවන් ප්‍රාණවත්ව තබා ගනිමින් ආක්‍රමණශීලී ලකුණු 75ක් ලබා ගත්ත ද, ඔහු වටා කඩුලු එකින් එක වැටුණා. මුළු ලකුණු ප්‍රමාණය කඩුලු 5කට ලකුණු 86ක්ව තිබියදී ඩුවාන් ජැන්සන්, බ්‍රෙවිස් සමග එක්වෙමින් ලකුණු හඹා යාම යළි ප්‍රාණවත් කිරීමට උපකාරී වුණා.
මේ යුගලය ලකුණු 47ක් එක් කරමින් ජයග්‍රාහී ඉලක්කය අවසාන පන්දු 13න් ලකුණු 31ක් දක්වා අඩු කළා. කෙසේ වෙතත්, නැමීබියාව ඉතා වැදගත් මොහොතක පහර දෙමින් ට්‍රම්පල්මෙන් විසින් බ්‍රෙවිස් ඉවත් කරනු ලැබුවේ දකුණු අප්‍රිකානු පසුපෙළ පිතිකරුවන්ට අසීරු කාර්යයක් ඉතිරි කරමින්.
තීරණාත්මක අවසන් ඕවර සහ නැමීබියානු ජයග්‍රහණය
මේ අවස්ථාවේ එරාස්මුස් තීරණාත්මක අවසාන ඕවරයක් යවමින් ලකුණු තුනක් පමණක් ලබා දුන්නේ ඒ අතරතුර ෆර්ටන් දවාලමින්. මේ අනුව නැමීබියාව ට තරගයේ ස්ථාවර පාලනයක් අත්වුණා.
නොදැවී සිටි ජැන්සන් අවසාන ඕවරයේ පළමු පන්දු දෙකෙන් ලකුණු අටක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාව ට අලුත් බලාපොරොත්තුවක් මොහොතකට ලබා දුන්නා. නමුත් ස්මිට් අවසාන කඩුල්ල බිඳ දමමින් නැමීබියානු ජයග්‍රහණය තහවුරු කළා.
බ්‍රෙවිස්ගේ ලකුණු 75 දකුණු අප්‍රිකානු කණ්ඩාමෙන් සටහන් වූ වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වුණා. ලකුණු 10 ට වැඩියෙන් තිබුණු අනෙක් එකම ලකුණු වූයේ ජැන්සන්ගේ නොදැවුණු 25 සහ රුබින් හර්මාන්ගේ ලකුණු 12 යි.
මේ තුන්කොන් තරගාවලියට සහභාගි වන අනෙක් රට වන්නේ සිම්බාබවේ.









Leave a Reply