පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ සැරයන් අනුර ඒ.එම්. රණවිරුවාගේ පවුලේ සාමාජිකයන්ගේ සුවදුක් සොයා බැලීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පසුගියදා එම නිවස වෙත ගියා.
7 වන සිංහ රෙජිමේන්තුවට අයත් සැරයන් අනුර ඒ.එම්. රණවිරුවා 2007 නොවැම්බර් 11 වනදා පෙරියතම්පනේ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී සතුරු වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා තිබුණා.
එම අවස්ථාවේදී තමන් ලැබූ බරපතළ තුවාල නොතකා සිය කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ධෛර්යමත් කරමින් මෙහෙයුම ඉදිරියටම පවත්වාගෙන යන ලෙස ඔහු දිරිගන්වා තිබෙනවා.
පසුව එම ප්‍රහාරයෙන් සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් සැරයන් අනුර ඒ.එම්. රණවිරුවා මව්බිම වෙනුවෙන් දිවි පිදූ අතර, සටන් බිමේදී දැක්වූ එම අභීත ක්‍රියාකලාපය අගය කරමින් ඔහු පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලබා තිබුණා.
ඔහුගේ බිරිඳ වන පී. සුනන්ද විජේලතා, දියණිය සහ පුතු ඇතුළු පවුලේ සාමාජිකයන් මරදන්කඩවල පිහිටි ඔවුන්ගේ නිවසේදී යුද හමුදාපතිව විසින් හමුවී ඇති අතර, එම පවුලට ඉදිරියේදී අවශ්‍ය වන සුබසාධන පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා හඳුනාගෙන ඒවා කඩිනමින් ඉටුකර දීමට කටයුතු කරන ලෙසද ඔහු විසින් අදාල අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.









This color game concept is super straightforward, which I like for casual weekend browsing. The focus on quick color patterns makes sense. Check out color game online casino for more details!