එංගලන්ත එක්දින තරග සංචාරය සඳහා දසුන් ශානක යළි ශ්‍රී ලංකා සංචිතයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි එංගලන්ත තරග සංචාරයේ එක්දින තරග සඳහා යළි දසුන් ශානක කැඳවීමට තීරණය කර තිබෙනවා.

දසුන් ශානක එක්දින තරගයකට අවසන් වරට ක්‍රිඩාකර ඇත්තේ 2024 වසරේ ජනවාරි මස සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කොළඹදී පැවති තරගාවලියකදීයි.

ඉන්පසුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණේ විස්සයි විස්ස තරග සඳහා පමණයි.

ක්‍රිකට් ආරංචිමාර්ග සදහන් කළේ, ආබාධ හේතුවෙන් ඉන්දියාව සමග ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වූ පැතුම් නිස්සංක සහ නායක කුසල් මෙන්ඩිස් ද එංගලන්තය තරග සංචාරය සඳහා එක්වනු ඇති බවයි.

විස්සයි විස්ස සහ එක්දින තරග තුන බැගින් වන සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මසදී එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.