Courtesy Sri Lanka Circket
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අද (19 දා) පැවැති කොළඹ – මහනුවර අතර තරගයේදී කොළඹ පිල ආරම්භයේ ඇඳ වැටුන අසීරුතාවයෙන් ගොඩ ගැනීමට ජනිත් ලියනගේ හා සාරුජාන් සංමුගනාදන් සමත් වූහ.
කොළඹ පිලේ මුල් කඩුලු 4ක් ලකුණු 32ක් තුල දැවීගොස් තිබියදී පිටියේ එක්වූ ජනිත් ලියනගේ හා සාරුජාන් සංමුගනාදන් 5 වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 218ක සබඳතාවයක් ගොඩනැගීමෙන් එම කණ්ඩායමේ ලකුණු පුවරුව සවිමත් විය. පන්දු 397කදී එම අඛණ්ඩ සබඳතාව ගොඩනගද්දී ජනිත් ලියනගේ පන්දු 230කට මුහුණදී හතරේ පහර 13ක් සමඟ නොදැවී ලකුණු 130ක් හා සාරුජාන් සංමුගනාදන් පන්දු 189කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 5ක් සමඟ නොදැවී ලකුණු 82ක් ලබා සිටියහ.
මේ දෙදෙනා සංයමයෙන් යුතුව කොළඹ පිලේ ඉනිම ගොඩනැගීම හේතුවෙන් අද පළමු දිනය නිමාවෙද්දී කඩුලු 4කට ලකුණු 250ක් වාර්තා විය. කාසියේ වාසිය දිනාගත් කොළඹ පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළද මහනුවර පිලට ක්‍රීඩා කරන දිනුර කළුපහන ඉක්මණින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූවේය. ගාල්ල මහින්ද විද්‍යාලයෙන් බිහිවූ දිනුර මඳ වේග පන්දු යවන්නෙකු ලෙස දඹුල්ල ජාත්‍යන්තර තණතිල්ලේ එක් අන්තයකින් පන්දු යැවීම ආරම්භ කළේය.
කොළඹ පිල පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 250 (ඕවර් 79)
රවිඳු රසාන්ත 14, ජනිත් ලියනගේ නොදැවී 130, සාරුජාන් සංමුගනාදන් නොදැවී 82 (දිනුර කළුපහන 36/3, චාමික ගුණසේකර 26/1)
කවිඳු පතිරත්න කඩුලු 5ක් ලබද්දී සදීරගෙන් ශතකයක්
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දඹුල්ල – ගාල්ල අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර සියලු දෙනා දැවී ලකුණු 255ක් රැස් කළේය. දඹුල්ල පිලේ කවිඳු පතිරත්න ලකුණු 41කට කඩුලු 5ක් බිදහෙලමින් තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වෙද්දී ගාල්ල පිලේ නායක අංක 4 පිතිකරු සදීර සමරවික්‍රම එක් අන්තයකින් කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දු 169කට මුහුණදී හතරේ පහර 13ක් සමඟ නොදැවී ලකුණු 113ක් ලබා සිටියේය. ගාල්ල පිල වෙනුවෙන් අහන් වික්‍රමසිංහ ලකුණු 70ක් ලබා ගත්තේය.
ගාල්ල පිල සියලු දෙනා දැවී ලකුණු 255 (ඕවර් 71.4)
නිරෝෂන් දික්වැල්ල 28, සදීර සමරවික්‍රම නොදැවී 113, අහන් වික්‍රමසිංහ නොදැවී 70, මුදිත ලක්ෂාන් 20 ( විශ්ව ප්‍රනාන්දු 40/2, කවිඳු පතිරත්න 41/5, ශක්ති උදාර 80/2)
දඹුල්ල පිල කඩුලු 1ක් දැවී ලකුණු 36 (ඕවර් 7)
ලසිත් කෘෘස්පුල්ලේ නොදැවී 16, කවීන් බණ්ඩාර නොදැවී 19 (උදිත් මධුෂාන් 16/1)










Leave a Reply