කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයට අනුයුක්තව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු මාරුකිරීමට එරෙහිව දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (21) දිනයේ සංකේතාත්මකව ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව වාර්තා වේ.
කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන බව කියන නීතිවිරෝධී ක්‍රියාවලට එරෙහිව විරෝධය පළකිරීම හේතුවෙන් බී.එච්. මීගස්දෙනිය නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මෙලෙස මාරු කර ඇති බව අදාළ සංගමය චෝදනා කරයි.
කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලය මඟින් වසර ගණනාවක සිට විවිධ පරීක්ෂණ සිදුකරන අතර, එහි සිදුවන දූෂණ, අක්‍රමිකතා සහ මහජන මුදල් අවභාවිත කිරීම් පිළිබඳව බලධාරීන් කිහිප වතාවක්ම දැනුවත් කළ බව සංගමය පවසයි.
මේ පිළිබඳව අවසන් වරට 2026 ජූලි 12 වැනි දින PHIU/Sec/2026/42 දරන ලිපිය මගින් ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ චෝදනා පිළිබඳ නිතර නිතර දැනුවත් කළද, ඒ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් පවත්වා නොමැති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කනස්සල්ල පළ කරයි.
මීගස්දෙනියගේ ස්ථාන මාරුකිරීම අහෝසි කරන ලෙසත්, සංගමය විසින් පෙන්වා දුන් අක්‍රමිකතා පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් බල කරමින් මෙම දිවයින පුරා සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.










Just found this guide perfect for my 10-minute break! Verified via Arionplay Casino login and the mobile app works great on my commute. Love the quick KYC steps too.