ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) නව උපකුලපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ මහතා රාජකාරි භාර ගන්නා ලදී.
ඊයේ (02) එම අවස්ථාවේදී එතුමා වෙනුවෙන් සම්මාන මුරයක්ද පිරිනමන ලදී.
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා, 1993 වසරේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක පීඨයේ 11වන ශිෂ්‍යභට කණ්ඩායම ඔස්සේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව ඇති අතර, 1996 වසරේදී ගුවන්යානා සහ සාමාන්‍ය ඉංජිනේරු ශාඛාවේ නියමු නිලධාරියෙකු ලෙස අධිකාරියට පත්ව ඇත.
ඔහුගේ දීර්ඝ සේවා කාලය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ගුවන් යානා ඉංජිනේරු සහ අධ්‍යක්ෂ ජෙනරාල් සාමාන්‍ය ඉංජිනේරු තනතුරු හොබවා ඇත.
තවද කොතලාවල ආරක්ෂක පීඨයෙන් ගුවන්යානා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය මෙන්ම ආරක්ෂක අධ්‍යයනය සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද, ඉන්දිය ගුවන් හමුදා තාක්ෂණික විද්‍යාලයෙන් ගුවන්යානා ඉංජිනේරු විද්‍යාව පිළිබඳවද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් (SLSI) තත්ත්ව කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද හිමිකරගෙන තිබේ.
තවද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය – සපුගස්කන්ද (DSCSC) හා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලයේ (NDC) පාඨමාලා සාර්ථකව නිමකර ඇති ඒ මහතා, එක්සත් රාජධානියේ වරලත් ඉංජිනේරු (Chartered Engineer) සහ රාජකීය ගුවන්යානා සංගමයේ සාමාජිකත්වය ඇතුළු ඉහළ වෘත්තීය සුදුසුකම් රැසකින් සමන්විත වේ. ජාතිය උදෙසා ඉටුකළ විශිෂ්ට සේවය වෙනුවෙන් ඔහු “උත්තම සේවා පදක්කම” (USP) වෙතින්ද පිදුම් ලබා ඇත.








Leave a Reply