“ප්‍රේමනීය රන් ස්වරය”

ක්‍රිකට් පිටිය අප මනසේ ඇන්දවූ, ක්‍රිකට් ක්‍රීඩවට අපව ලොල් කරවූ, ක්‍රීඩකයන්ට ධර්යයක්වූ ඒ හඬ.. ප්‍රේමසර ඈපාසිංහ.
එදා ඔබව බබලවන්න, ඔබව ඔසවා තබන්න ඉවහල්වූ ඒ හඬ අද ඔබේ ආදරය, කෘතඥතාවය හා අවධානය බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ දෑස් ඔහුට හුරුපුරුදු ඒ ආදරනීයන් දැකීමට බලාපොරොත්තුවෙන් බලාසිටිනවා. ඒ ගුරුවරයා, ඒ මගපෙන්වන්නා, ඒ සහූර්දයා ඔබේ පැමිනීම අපේක්ෂාවෙන් බලා සිටිනවා.
එන්න.. අප හා එක්ව ඔහුට ප්‍රනාම පුදමු, ඒ සුන්දර පුදගලයාට තව සුන්දර සිනහවක් එක් කරමු. මේ අවස්ථාව මග නොහැර ගමු.
2026 නොවැම්බර් 22 තවත් දිනක් නොව සොඳුරු මතක ආවර්ජනය කරන, සොඳුරු මතක සාදන සුන්දර දවසක් කරගමු