ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති මහීල් සේනාරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
2010 සිට 2012 දක්වා කාලය තුළ ලංකා ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සහෝදරයෙකි.
එම කාලසීමාව තුළ දිවයින පුරා මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථාන පිහිටුවීම සහ ඒවා නඩත්තු කිරීමට අදාළව රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා නීතිමය පටිපාටීන් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
අල්ලස් කොමිසම විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකාර හිටපු සභාපතිවරයා අද දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.










The sign-up process was super easy. I was able to start playing in minutes thanks to jili98loginregister.