හංගේරියාවේ බුඩාපේස්ට්හිදී පැවැති වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේ (World Athletics Ultimate Championship) හෙල්ල විසිකිරීමේ අවසන් ඉසව්වෙන් මීටර් 91.09ක ප්‍රබල දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා.
ලොව හොඳම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදුණු මෙම තරගාවලියේදී, මෙරට වේලාවෙන් අද (13) රාත්‍රි 9.43ට තරග බිමට පිවිසි රුමේෂ් තරංග, සිය අතිවිශිෂ්ට දක්ෂතාවය පෙන්නුම් කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තා.
දෙවන ස්ථානය දිනාගත් ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ට වඩා මීටර් 4.91ක ස සැලකිය යුතු පරතරයක් තබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කරගත් රුමේෂ් තරංග, ජර්මනියේ ජුලියන් වෙබර් සහ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් වැනි ලෝක පූජිත ක්‍රීඩකයන් අභිබවා යමින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් සනිටුහන් කළා.










Leave a Reply