සංචාරක නවසීලන්ත ‘ඒ‘ පිල හා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ අද (අද 23 දා) පළමු දිනය නිමාවෙද්දී නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 238ක් රැස්කර ගත්තේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය ඕවර 63කට සීමා වූ අතර, වර්ෂාව හා අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නියමිත වේලාවට කලින් පළමු දිනය නිමාවට පත් විය.
නවසීලන්ත ‘ඒ‘ පිලේ පළමු කඩුලු දෙක ලකුණු 55කදී බිද දැමීට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුවද, අනතුරුව ගොඩනැගුණු සබඳතා හේතුවෙන් නවසීලන්ත ‘ඒ‘ ඉනිම යම් දුරකට ස්ථාවර විය.
නවසීලන්ත ‘ඒ’ පිලේ අංක 4 පිතිකරු මැතිව් බොයිල් වාර්තා කළ ශතකය හේතුවෙන් නවසීලන්ත පිලට ශක්තියක් වූ අතර, ඔහු පන්දු 116කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් එල්ල අතර, කර්ටිස් හෙෆි සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 114ක් එක් කිරීමට සමත් විය. බොයිල් සිව්වැනි කඩුල්ලට මැක්ස් චූ සමඟ එක්ව ගොඩනැඟූ සබඳතාව ලකුණු 50කි. හෙෆි පන්දු 130කින් ලකුණු 59ක් සහ මැක්ස් නොදැවී පන්දු 62කදී ලකුණු 26ක් ඉනිමට එක් කළහ.
පන්දු යැවීමේදී දිලුම් සුධීර කඩුලු 2ක් හා දුලාජ් සමුදිත හා රමේෂ් මෙන්ඩිස් කඩුල්ල බැගින් දවා ගත්හ.
හෙට තරගයේ දෙවැනි දිනයයි.
නවසීලන්ත ‘ඒ’ පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 238 (ඕවර 63) රියාස් මාරුයි 22, මැතිව් බොයිල් 102, කර්ටිස් හෙෆි 59, මැක්ස් චූ නොදැවී 26, මිචෙල් හේ නොදැවී 13 (දිලුම් සුධීර 80/2, දුලාජ් සමුදිත 39/1, රමේෂ් මෙන්ඩිස් 75/1)










Leave a Reply