ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන මැයි මස 13 වැනිදා ආරම්භ කිරීමට තරගාවලි සංවිධායක කමිටුව පියවර ගෙන තිබේ. මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ 2 ක් යටතේ මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ 14 ක් උසස් සහ තරගකාරීත්වයකින් යුක්තව ශූරතා කුසලාන සඳහා තරග වදිනු ඇත.
මූලික වටය ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මෙවර තරගාවලියේදීද අදාළ කාණ්ඩවල පෙරමුණු ගනු ලබන කණ්ඩායම් 4 බැගින් අර්ධ අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබති. ඒ අනුව එම අවසන් පූර්ව තරග මැයි මස 27 වැනිදා පී. සරා සහ සී.සී.සී. යන ක්‍රීඩාංගණවල පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග මැයි මස 29 වැනිදා කොළඹ සී. සී. සී. සහ එස්. එස්. සී. යන ක්‍රීඩාංගණවල පැවැත්වෙන ඇත. තරගාවලියේ අවසන් මහ තරගය මැයි මස 31 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
මෙහි අර්ධ අවසන් වටයේ තරග 2ක් සහ අවසන් මහ තරගය ඇතුළුව තරග 3ක් දිවා/රාත්‍රි තරග ලෙස පැවැත්වීම විශේෂත්වයකි.
අර්ධ අවසන් තරග දෙක කොළඹ සී.සී.සී. සහ එස්.එස්.සී. ක්‍රීඩාංගණවල පැවැත්වෙන අතර, අවසන් මහ තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතය.
එම අවසන් මහ තරගයට වර්ෂාවෙන් බාධා ඇති වුවහොත්, ඊට පසු දින වන ජූනි 1 වැනිදා අතිරේක දිනයක් ලෙස නම් කර ඇත. එසේ අතිරේක දිනය භාවිතා කිරීමට සිදුවුවහොත් පමණක්, එදින තරගය දිවා තරගයක් ලෙස පෙරවරු 9.45ට ආරම්භ කරනු ඇත.
දේශීය ක්‍රිකට් ක්ෂේත්රයේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා වැදගත් වේදිකාවක් වන මෙම තරඟාවලිය, නව තරු හඳුනාගැනීම සඳහාද හොඳ අවස්ථාවක් සලසා දෙයි. අවසන් වතාවට 2025 වසරේ පැවැති තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ සී. සී. සී. ක්‍රීඩා සමාජය සමත්වූ අතර අනුශූරතාව පොලිස් කණ්ඩායමට හිමිවිය.
මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් මෙසේය.
‘ඒ‘ කාණ්ඩය – සී. සී. සී., මුවර්ස්, බි.ආර්.සී, ටැමිල් යුනියන්, නුගේගොඩ, කුරුණෑගල, බදුරලිය යන ක්‍රීඩා සමාජ.
‘බී‘ කාණ්ඩය – පානදුර, එන්. සී. සී., කෝල්ට්ස්, බ්ලූම්ෆීල්ඩ්, ඒස් කැපිටල්, පොලිස්, එස්. එස්. සී. යන ක්‍රීඩා සමාජ.
තරග කාලසටහන
2026 මැයි 13
පෙ.ව. 9.45 – ප.ව. 12.55
මුවර්ස් ක්‍රීඩා සමාජය vs බදුරලිය ක්‍රීඩා සමාජය – පී. සරා ක්‍රීඩාංගණය
බි.ආර්.සී. vs කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය – සී.සී.සී. ක්‍රීඩාංගණය
නුගේගොඩ vs ටැමිල් යූනියන් – එස්.එස්.සී. ක්‍රීඩාංගණය
ප.ව. 2.00 – 5.10
එස්.එස්.සී. vs එන්.සී.සී.
පොලිස් ක්‍රීඩා සමාජය vs කෝල්ට්ස් ක්‍රීඩා සමාජය
ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය vs බ්ලූම්ෆීල්ඩ්
2026 මැයි 15
පෙ.ව. 9.45 – ප.ව. 12.55
පානදුර ක්‍රීඩා සමාජය vs එස්.එස්.සී. – පී. සරා
මුවර්ස් vs නුගේගොඩ – කෝල්ට්ස් ක්‍රීඩාංගණය
ටැමිල් යූනියන් vs බි.ආර්.සී. – එස්.එස්.සී.
ප.ව. 2.00 – 5.10
බදුරලිය vs සී.සී.සී.
ඒස් කැපිටල් vs එන්.සී.සී.
බ්ලූම්ෆීල්ඩ් vs කෝල්ට්ස්
2026 මැයි 17
පෙ.ව. 9.45 – ප.ව. 12.55
කුරුණෑගල vs සී.සී.සී. – කෝල්ට්ස්
නුගේගොඩ vs බදුරලිය – සී.සී.සී.
මුවර්ස් vs බි.ආර්.සී. – පී. සරා
ප.ව. 2.00 – 5.10
පොලිස් vs පානදුර
එස්.එස්.සී. vs ඒස් කැපිටල්
කෝල්ට්ස් vs එන්.සී.සී.
2026 මැයි 19
පෙ.ව. 9.45 – ප.ව. 12.55
සී.සී.සී. vs නුගේගොඩ – එස්.එස්.සී.
ටැමිල් යූනියන් vs කුරුණෑගල – එන්.සී.සී.
බි.ආර්.සී. vs බදුරලිය – සී.සී.සී.
ප.ව. 2.00 – 5.10
පානදුර vs ඒස් කැපිටල්
බ්ලූම්ෆීල්ඩ් vs පොලිස්
2026 මැයි 21
පෙ.ව. 9.45 – ප.ව. 12.55
සී.සී.සී. vs ටැමිල් යූනියන් – එස්.එස්.සී.
නුගේගොඩ vs බි.ආර්.සී. – පී. සරා
එන්.සී.සී. vs පොලිස් – සී.සී.සී.
ප.ව. 2.00 – 5.10
පානදුර vs බ්ලූම්ෆීල්ඩ්
ඒස් කැපිටල් vs කෝල්ට්ස්
කුරුණෑගල vs මුවර්ස්
2026 මැයි 23
පෙ.ව. 9.45 – ප.ව. 12.55
බි.ආර්.සී. vs සී.සී.සී. – පී. සරා
එන්.සී.සී. vs බ්ලූම්ෆීල්ඩ් – සී.සී.සී.
බදුරලිය vs කුරුණෑගල – එන්.සී.සී.
ප.ව. 2.00 – 5.10
කෝල්ට්ස් vs පානදුර
ටැමිල් යූනියන් vs මුවර්ස්
එස්.එස්.සී. vs පොලිස්
2026 මැයි 25
පෙ.ව. 9.45 – ප.ව. 12.55
එන්.සී.සී. vs පානදුර – පී. සරා
බදුරලිය vs ටැමිල් යූනියන් – සී.සී.සී.
කුරුණෑගල vs නුගේගොඩ – එන්.සී.සී.
ප.ව. 2.00 – 5.10
සී.සී.සී. vs මුවර්ස්
බ්ලූම්ෆීල්ඩ් vs එස්.එස්.සී.
මැයි 27 – අර්ධ අවසන් පූර්ව තරග (Quarter Finals)
පෙ.ව. 9.45 – ප.ව. 12.55
පළමු අර්ධ අවසන් පූර්ව තරගය (A1 vs B4) – පී. සරා
දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය (A2 vs B3) – සී.සී.සී.
ප.ව. 2.00 – 5.10
තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය (B1 vs A4)
සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය (B2 vs A3)
මැයි 29 අර්ධ අවසන් (Semi Finals)
රාත්‍රී 7.00 – 10.10
QF 1 ජයගත් කණ්ඩායම vs QF 4 ජයගත් කණ්ඩායම – සී.සී.සී.
QF 2 ජයගත් කණ්ඩායම vs QF 3 ජයගත් කණ්ඩායම – එස්.එස්.සී.
මැයි 31 – අවසන් මහ තරගය
රාත්‍රී 7.00 – 10.10
SF 1 ජයගත් කණ්ඩායම vs SF 2 ජයගත් කණ්ඩායම – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
ජූනි 01 – අතිරේක දිනය (Reserve Day)
පෙ.ව. 9.45 – ප.ව. 12.55










Leave a Reply