මෙරට රාජ්‍ය සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා පිළිගැනීමේ නිල උත්සවය සඳහා අද (08) ‍පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි.

වියට්නාම් ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වන්නේ වසර 15කට පසුව වීම විශේෂත්වයක් වන අතර, දෙරටේ 56 වසරක රාජ්යතාන්ත්රික සබඳතා සහ හෘදයාංගම මිතුදම සංකේතවත් කරමින් මහත් හරසරෙන් යුතුව අභිමානවත් ලෙස මෙම පිළිගැනීම සිදු කෙරිණ.
වත්මන් රජය යටතේ ආර්ථික ස්ථාවරභාවය ළඟා කර ගනිමින් ශ්රී ලංකාව ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක සිදු කෙරෙන වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාගේ මෙම සංචාරය වියට්නාම් – ශ්රී ලංකා ආර්ථික, සංස්කෘතික සහ සමාජයීය සබඳතාවලට නව මානයක් එක් කරනු ඇත.