ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම දකුණත් පිතිකරු දෙපළක් වූ පැතුම් නිස්සංක හා නවක ක්‍රීඩක ලහිරු උදාර විසින් අද (19) ආරම්භ කළේය.
එලෙස දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා ඉනිමක් ආරම්භ කර ඇත්තේ වසර 29කට පසුව වීම විශේෂත්වයක්.
අවසන් වරට මෙවන්නක් සිදුව ඇත්තේ 1995 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න්හිදී පැවැති තරගයදීය.
බොක්සිං දින ටෙස්ට් තරගයක් වූ එදින ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කර ඇත්තේ, රොෂාන් මහානාම සහ චන්දික හතුරුසිංහ විසින්ය.
එතැන් සිට මේ දක්වා තරග 260ක් ගතවන තෙක් ශ්‍රී ලංකා ටෙස්ට් ඉනිමක් දකුණත් පිතිකරුවන් දෙපළක් විසින් ආරම්භ කර නොතිබුණි.










Leave a Reply