ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

72 වන ලෝක රූ රැජින තරගය සඳහා ලොව පුරා සිටින රූ රැජිනියන් 108 දෙනෙකු සහභාගී වී සිටියා.

ඒ අතුරින් 40 දෙනෙකු මූලික වටයේදී තෝරා ගැනුණා

එහි දෙවන වටයේදී 20 දෙනෙකු ද තුන්වන වටයේදී මහද්වීප නියෝජනය කරමින් 08 දෙනෙකු ද තෝරාගැනීමට සමත් වුණා.

මෙම සියල්ල අවසානයේදී ලෝක රූ රැජින තෝරාගැනීම සිදු කෙරුණා.

අවසානයේදී ලෝක රූ රැජින කිරුල හිමිකර ගැනීමට තායිලන්තයේ ඕපල්ට හැකිවුණා.

ඉතිහාසයට අලුත් පිටුවක් එක් කරමින් 72 වන ලෝක රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අනුදි ගුණසේකර සමත්වුණා.

නිරූපිකාවක් මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක් වන ඇය ඉතිහාසයට එක් වී ඇත්තේ ලෝක රූ රැජින තරගයේ මල්ටිමිඩියා චැලේන්ජ් තරග අංශයේ ආසියානු අනුශූරිය බවට පත් වෙමින්.

එසේම හෙඩ්ටු හෙඩ් චැලේන්ජ් අංශයේ ආසියාවේ හොදම පස්දෙනා අතරට එක්වෙමින් අවසන් විසිදෙනා අතරට සුදුසුකම් ලබා ගැනීමටත් ඇය සමත්වුණා.

ටැලන්ඩ් චැලේන්ජ් අංශයේ ආසියාවේ හොඳම පස්දෙනා අතරට පැමිණ අවසන් 24 දෙනා අතරට එක්වීමට තරම් අනුදි ගුණසේකර සමත්වුණා.

මෙම තරග අංශ තුනෙන්ම අවසන් වටයට තේරුණු එකම ආසියානු තරගකාරිනිය වන්නේ ද ඇයයි.