ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 47 වැනි තරගයේදී වාර්තාගත ශතකයක් රැස් කරමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සුපිරි ජයක් හිමි කර දීමට ආරම්භක පිතිකරු 14 හැවිරිදි විභව් සූර්යවංශිට ඊයේ (28) හැකි වුණා.
ජායිපූර්හීදී පැවැති තරගයේදී ඔවුන් හමුවේ කඩුලු අටකින් පරාජයට පත් වූයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 209 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ රෝයල්ස් පිතිකරුවන් පන්දුවාර 15.5 ක් පමණක් අවසානයේදී කඩුලු දෙකක් දැවී ජයග්රාහී ඉලක්කය පසු කිරීම විශේෂත්වයක්.
සූර්යවංශි පන්දු 38 කින් ලකුණු 101 ක් ලබා ගත්තේ හයේ පහර 11 ක් හා හතරේ පහර 7 ක් සමගින්.
ඔහු සිය ශතකය පන්දු 35 කින් වාර්තා කළ අතර, එය අයි.පී.එල් ඉතිහාසයේදී වාර්තා වූ දෙවැනි වේගවත්ම ශතකයයි.
එමෙන්ම අයි.පී.එල් ඉතිහාසයේදී ඉන්දීය පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය ලෙස ද මෙම ශතකය වාර්තා අතරට එක් වුණා.










Leave a Reply