ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි.. පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇
Tomo-Therapy & Linear Accelerators කියන්නෙ ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්. ඒත් ඒවා ඉතාම මිල අධිකයි.. මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක් මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..
• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්! • අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන් ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා.. • තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰 ලොකු ගානක් නේද?? 😐 නෑ ….. බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳ මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂
• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන් කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්, • ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪 එහෙව් අපිට, පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ ! අපි එකතු වෙමු, ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු ලොකුම Donation Campaign එකට! ❤ Account Name : APEKSHA CANCER HOSPITAL Bank of Ceylon, Maharagama Account Number : 71275069 (පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න)
Leave a Reply