පාකිස්තානයේ සුප්‍රකට හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වන ශොයිබ් අක්තාර්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂක අවදානම් මධ්‍යයේ වුවද, ක්‍රීඩාව සමඟ නොසැලී සිටීම වෙනුවෙන් සිය උණුසුම් කෘතවේදීත්වය පළ කර තිබෙනවා.
ඊයේ (13) තම නිල ‘X’ ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් අක්තාර් මෙසේ සඳහන් කර තිබුණා.
“Thankyou Sri Lanka Team for standing with cricket and defeating terrorism”
“ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පෙනී සිටිමින් ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායමට ස්තුතියි”
ඔහු මෙම පණිවිඩය සඳහා #FriendshipNotOut යන හැෂ් ටැගය ද භාවිතා කර ඇති අතර, එයින් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඇති නොබිඳිය හැකි මිත්‍ර සබඳතාවේ ශක්තිය සංකේතවත් කරනවා.










Leave a Reply