ශ්‍රී ලංකාවට ගුවන් යානා පරිත්‍යාගයක් – ජනපති

ගුවන් යානා 2ක් සමග හෙලිකොප්ටර් 10 ක් විදෙස් පරිත්‍යාග වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනූව ඕස්ට්‍රේලියාවෙන් සහ අමෙරිකාවෙන් C130 ගුවන් යානා 2ක් පරිත්‍යාග ලෙස ලැබෙන බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම අමෙරිකාවෙන් TH-57 හෙලිකොප්ටර් 10 ක පරිත්‍යාගයක් හිමිවන බවද ජනපතිවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.