මතීශ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමෙන් නිදහස්

චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායම විසින් 2026 IPL තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීශ පතිරණ තම සංචිතයෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙන බවට විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ, 2023 IPL තරගාවලියට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගෙන පසුගිය වසරේ ඔහුව රුපියල් කෝටි 13කට රඳවා තබා ගැනීමක් සිදු කර තිබියදීත්, මෙම පියවර ගෙන ඇති බවයි.

2023 IPL තරඟාවලියේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සහ 140කට වැඩි වේගයක් සටහන් කර තිබුණා.

එමෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායම ශූරතාව දිනාගත් වසරේදී කඩුලු 19ක් දවා ගැනීමට ඔහු සමත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරන ලද වෙනස්කම්වලින් ඔහුගේ ක්‍රීඩාවට බලපෑම් එල්ල වීම මතීශ පතිරණගේ මුදා හැරීමට හේතුව වන්නට ඇති බවට ප්‍රධාන පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින් ඉඟි කර තිබුණේ.

දෙසැම්බර් 16වැනි දින අබුඩාබි හි පැවැත්වෙන වෙන්දේසියේදී ඔහුව නැවත මිලදී ගැනීම පිළිබඳව CSK කණ්ඩායම සලකා බලනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි සඳහන් වන්නේ.