ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දසුන් ශානක ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් කණ්ඩායමේ උපනායක ධූරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබීම කැපී පෙනෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා නාමයෝජනා කැඳවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
උපුල් තරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව දෙවසරක කාළයක් සඳහා 2023 වසරේ දෙසැම්බර් මාසයේදී පත් කරනු ලැබූ අතර වත්මන් තේරීම් කමිටුවේ ධූර කාලය මෙම වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතයි.
ඒ අනුවයි නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් පත් කර ගැනීම සඳහා නොවැම්බර් මස 5 වැනිදාට පෙර නාමයෝජනා කැඳවීමට පියවර ගෙන ඇත්තේ.










Leave a Reply