නවසීලන්තයට මාරක පරාජයක් ගෙනා මාරඹේ වේගය – මල්කි මධාරා

ගෙවුණු අවුරුද්දෙ මාතර – අකුරැස්ස මාරඹ වැව ගැන විශාල අවධානයක් යොමු වුණා.ඒ ලස්සන දිය දහර සහ පරිසරය නිසා නෙමෙයි,ඒ මැද ඉඳි වූ තොරණක් නිසයි.ඒ මාරඹ උපන්, රටම තොරණක් සේ දිලිසෙන දක්ෂතාවයක් දක්විමින් ලෝක සූර නවසීලන්ත කාන්තා කණ්ඩායමට කඩුලු හතක පරාජයක් අත්පත් කර දෙන්නට කැප වුණු සුන්දර කෙල්ලෙක් ගැනයි මේ සටහන.
තරගය නිමා වී විනාඩි ගණනක් ඇතුළත කණ්ඩායමේ ක්‍රීඩිකාවන් භාර නිලධාරිණිය ඉන්ද්‍රානි ආරියරත්නගෙන් මෙන්ම කණ්ඩායම් කළමණාකරුගේ අවසරය ඇතිව අපට ඒ රටට තොරණක් වූ මාරඹ ක්‍රිකට් හපනිය මල්කි මධාරා සම්බන්ධ කර ගන්නට හැකි විය.