ළහිරු ගෞරවාන්විත කඩඉමක් පසුකරයි

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (5) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ක්‍රීඩා දිවියේ ගෞරවාන්විත කඩයිමක් පසුකිරීමට ළහිරු කුමාර සමත් විය.

ඔහු අද තරගයේදී දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවෙකු වූ ඒඩියන් මාක්‍රම් දවාගැනීමට සමත් වූ අතර, එම කඩුල්ලත් සමග ටෙස්ට් කඩුලු 100 කඩයිම පසුකිරීමට ළහිරුට අවස්ථාව උදාවිය.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු සියයේ සීමාව පසුකළ 9වැනි පන්දු යවන්නා බවට ඔහු පත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් 139වැනි ක්‍රීඩකයා ලෙස සිම්බාබ්වේට එරෙහිව 2016 වසරේදී ටෙස්ට් ක්‍රිකට් දිවිය ඇරඹූ ළහිරු මේ වනවිට තරග 33ක ඉනිම් 55කට ක්‍රීඩාකර කඩුලු 101ක් බිඳහෙලා සිටියි.

ඔහු අද තරගයේදී ට්‍රිස්ටන් ස්ටබ්ස්ගේ කඩුල්ලද දවාගැනීමට සමත් විය.